Sunday, October 13, 2013
Saturday, October 5, 2013
රේල් පීලි දෙකක්.....
අපි දෙන්නා හරියට රේල් පීලි දෙකක් වගේ
බොහොම ළගින් ඉන්නවා
ඒ වුනත්
රේල් පීලි දෙකක් කවදාවත් එකතු වෙන්නෑ
ඒවා එකතු වෙන්නේ අනන්තයේදී
මම ඒ අනන්තය දිහා බලන් ඉන්නවා
ඒ දුර.... අනන්තය
නමුත්
කවදා හරි ඒ අනන්තයට ළං වෙනවා..
Friday, September 13, 2013
෴හැරගිය පෙම.....෴
එක් දිනෙක,නොහඳුනන ඔබ
නෙත ගැටුණා මතකයි තාමත්
දැණුනා සුපුරුදු ලෙන්ගතු බවක්
සතුටු ඉහුරුණු මුව මඬළින්........
කතා කරන නෙත් සඟලින්
දැණුනා ඔබ බොහෝ තුටින් වඟ
උන්නා ඔබ ළඟින්ම සෙනෙහසින් පිරුණ රුවක්..හිතැත්තියක්....නොදැනීම විහඟ විලාසයෙන් ගෙවුණි කාළය...
නැවතත් හමුවිය ඔබ මා...
ඒ පෙර සේ නොව
මැළවුණු මුහුනින්...
වියළුණු දෙතොලින්....
බොර වූ දෑසින්...
බොහෝ දේ පවසයි මට
ඇත තාමත් පෙර දුටු රුව
මොහොතක් පාසා සිත තුල සැරිසැරූ රුව...
දුටු වෙලෙහි දැණුනු සතුට
ඔබ දකී අද මා වුවෙහි.......
නවතින්නට සිතෙයි ඔය සිත තුළ
සුපෙම් සුවඳක් වී...
නවතින්නට සිතෙයි ඔය මුව මඬලෙහි
සිනා රැල්ලක් වී...
රැඳෙන්නට සිතෙයි ඔය නෙතෙහි
සතුටු කඳුළක් වී....
ඇත්තටම සිතෙයි කරනට පෙම් බොහෝ සේ...........
ඔබේ පෙම්වතිය වී..........
එහෙත් මා ගොලු වී ඇත
ඔය දොඩමළු දෙනෙත අභියස..........
නෙත ගැටුණා මතකයි තාමත්
දැණුනා සුපුරුදු ලෙන්ගතු බවක්
සතුටු ඉහුරුණු මුව මඬළින්........
කතා කරන නෙත් සඟලින්
දැණුනා ඔබ බොහෝ තුටින් වඟ
උන්නා ඔබ ළඟින්ම සෙනෙහසින් පිරුණ රුවක්..හිතැත්තියක්....නොදැනීම විහඟ විලාසයෙන් ගෙවුණි කාළය...
නැවතත් හමුවිය ඔබ මා...
ඒ පෙර සේ නොව
මැළවුණු මුහුනින්...
වියළුණු දෙතොලින්....
බොර වූ දෑසින්...
බොහෝ දේ පවසයි මට
ඇත තාමත් පෙර දුටු රුව
මොහොතක් පාසා සිත තුල සැරිසැරූ රුව...
දුටු වෙලෙහි දැණුනු සතුට
ඔබ දකී අද මා වුවෙහි.......
නවතින්නට සිතෙයි ඔය සිත තුළ
සුපෙම් සුවඳක් වී...
නවතින්නට සිතෙයි ඔය මුව මඬලෙහි
සිනා රැල්ලක් වී...
රැඳෙන්නට සිතෙයි ඔය නෙතෙහි
සතුටු කඳුළක් වී....
ඇත්තටම සිතෙයි කරනට පෙම් බොහෝ සේ...........
ඔබේ පෙම්වතිය වී..........
එහෙත් මා ගොලු වී ඇත
ඔය දොඩමළු දෙනෙත අභියස..........
෴හැරගිය පෙම.....෴
හිතන්නට බොහෝ දේ ඇත්තත්...
ලියන්නට බොහෝ දේ ඇතත්...
මේ තරම් හිත රිදුනු දවසක්...
තවත් නම් නැති තරම්....
ඇස් වලින් කදුලු බිදු බිමට නොවැටුනත්...
වැටෙන්නට අර අදින...
කදුලු බිංදුවක් හිත අස්සට වෙලා....
විදියි ජීවිතයේ දුෂ්කර බව....
ගෙවූ දුක්බර කාලයක්....
ඔබ ගැන සිතා විඩාබරවූ සිතක්....
තවත් පෙරමං බලයි...
දකින්නට ඔය රුව බිදක්...
ලියන්නට බොහෝ දේ ඇතත්...
මේ තරම් හිත රිදුනු දවසක්...
තවත් නම් නැති තරම්....
ඇස් වලින් කදුලු බිදු බිමට නොවැටුනත්...
වැටෙන්නට අර අදින...
කදුලු බිංදුවක් හිත අස්සට වෙලා....
විදියි ජීවිතයේ දුෂ්කර බව....
ගෙවූ දුක්බර කාලයක්....
ඔබ ගැන සිතා විඩාබරවූ සිතක්....
තවත් පෙරමං බලයි...
දකින්නට ඔය රුව බිදක්...
෴ඔබ තරුවක් සේ ජීවිතයට පායා ඒ නම් ...෴
නිහඬ අරණ
දළු මල් පුබුදයි ....
ආදරයේ සුන්දර
සක්මන් ....
හඬන ඇසට
හසරැල් පළඳයි....
ආදරයේ නිම් නැති
අභිමන් ...!
සයුරෙහි දිය කඳ
මත හිඳ ....
අහසින් එන වැහි බිඳුවට
පෙරුම් පුරන්නම් ....
දැල්වෙන ඉර හඳ යට හිද
පහණෙන් එන එළි තිතකට ....
ඇළුම් කරන්නම් ....
ඔබ තරුවක් සේ
ජීවිතයට පායා ඒ නම් ... !
නිල් කඳු හිස ජය ගත් දින
දෙව් ලොව දුර ඈතක බව
වටහා ගන්නම් ....
විල් දිය ඇහැරෙන
කොද මල
රතු ඇස් ඇති
හිරු මඩළින්
සඟවා ගන්නම් ....
ඔබ කවියක් සේ
ජීවිතයම පහදා දේ නම් .... !
දළු මල් පුබුදයි ....
ආදරයේ සුන්දර
සක්මන් ....
හඬන ඇසට
හසරැල් පළඳයි....
ආදරයේ නිම් නැති
අභිමන් ...!
සයුරෙහි දිය කඳ
මත හිඳ ....
අහසින් එන වැහි බිඳුවට
පෙරුම් පුරන්නම් ....
දැල්වෙන ඉර හඳ යට හිද
පහණෙන් එන එළි තිතකට ....
ඇළුම් කරන්නම් ....
ඔබ තරුවක් සේ
ජීවිතයට පායා ඒ නම් ... !
නිල් කඳු හිස ජය ගත් දින
දෙව් ලොව දුර ඈතක බව
වටහා ගන්නම් ....
විල් දිය ඇහැරෙන
කොද මල
රතු ඇස් ඇති
හිරු මඩළින්
සඟවා ගන්නම් ....
ඔබ කවියක් සේ
ජීවිතයම පහදා දේ නම් .... !
෴හැරගිය පෙම.....෴
මගේ හීනයේ ලග ඉන්නට
ඔබ තවමත් නෑතිවාදෝ
සිත් මානයේ දෑවටෙන්නට
මගේ උනුහුම මදි වීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්...
ඔබ තවමත් නෑතිවාදෝ
සිත් මානයේ දෑවටෙන්නට
මගේ උනුහුම මදි වීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්...
෴හැරගිය පෙම.....෴
එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට..
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට...
හරගිය දිනේ ආවත් මා ගම් දොරට.....
ආවේ ඇයිද විරහින් සිත අද්දරට....,,,,,,,,
Saturday, May 4, 2013
෴රෝස සුවඳ පිටුවක.....෴
රෝස සුවඳ පිටුවක ආදරේ නොලිව්වත්
තාමත් පණ වගේ නුඹට ආදරෙයි මමත්
නෙතින් ගලා බොඳවී යන සුවඳ කදුලකත්
මම දකින්නේ ඔබේ රුවයි මට උරුම නැතත්
නිදි නැති රෑ ඉගි කරනා හීන මල් පැතුම්
මගේ ලොවට අරන් ආවේ දුක් කදුලු සුසුම්
සුවඳ පිරුනු ආදරයේ මතක පෙමි කුසුම්
හෙටත් ඔබට කියාදේවී ආදරේ උතුම්
රෝස සුවඳ......
ආදරයේ හීන වලට හුරුවු දෑසයි
ඒ දෑසට කදුලු දුන්නේ ඔබේ ඔය නෙතයි
දුකක් වුනත් මං පතන්නෙ ඔබෙම සෙනෙහසයි
මංහිතන්නෙ ඔබ තාමත් මගේම විතරයි....
රෝස සුවඳ......
තාමත් පණ වගේ නුඹට ආදරෙයි මමත්
නෙතින් ගලා බොඳවී යන සුවඳ කදුලකත්
මම දකින්නේ ඔබේ රුවයි මට උරුම නැතත්
නිදි නැති රෑ ඉගි කරනා හීන මල් පැතුම්
මගේ ලොවට අරන් ආවේ දුක් කදුලු සුසුම්
සුවඳ පිරුනු ආදරයේ මතක පෙමි කුසුම්
හෙටත් ඔබට කියාදේවී ආදරේ උතුම්
රෝස සුවඳ......
ආදරයේ හීන වලට හුරුවු දෑසයි
ඒ දෑසට කදුලු දුන්නේ ඔබේ ඔය නෙතයි
දුකක් වුනත් මං පතන්නෙ ඔබෙම සෙනෙහසයි
මංහිතන්නෙ ඔබ තාමත් මගේම විතරයි....
රෝස සුවඳ......
ආදරෙ තරම් කියාගන්න බැරි වු නිසා
ආදරෙ තරම් කියාගන්න බැරි වු නිසා
ජිවිතෙ පැතුම් රහසෙම වියැලි ගියා...
රහසෙම කව්දො ඉක්මන් වෙලා
හඩවාලා මගෙ දැස ඔබ ගෙන ගියා...
දැන උන්න නම් ආදරෙ ඔබ යන්නෙ නෑ මා දමා...
දහසක් පැතුම් මහදේ සිර කොට තබා
මා පෙම් කළේ සිතින් සුසුමන් දරා....
මා තුරුලේ ඔබ උන්නා හීනෙන් පවා
ඇයි ඉන්නෙ හොර රහසේ මා රිදවලා......
දැන උන්න නම් ආදරෙ ඔබ යන්නෙ නෑ මා දමා...
දෙනුවන් අගට රහසෙ කදුලැල් උනා
ඔබ ගැනම රෑ තිස්සෙ සිහිපත් කලා...
මා පෙම්කල බව තාම නොදනියි ඔයා
අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා...
Monday, April 29, 2013
Saturday, March 23, 2013
ඔයා ලගින් ඈත් වෙලා හිදින්න බැරුව
ඔයා ලගින් ඈත් වෙලා හිදින්න බැරුව....
තනිවුනු මගෙ හිත පතන්නේ තවමත් ඔබව....
ඉස්සර වගෙ මගෙ ලගින් ඔබ නැතිවාට....
කදුළු උනන මගෙ ඇස් දෙක හොයන්නෙ ඔබව....
නෙතු අතරෙ කදුළු ඇතත් ඔබ දකින්නෙ නෑ....
මා අතහැර වෙන් වුනාට තරහ වෙන්න බෑ....
ආදරයට දුන් මේ දුක උහුලන්නට බෑ....
කවදාවත් මට ඔයාව අමතක වෙන්නෑ....
ඔයා ලගින් නැති පාලුව දරා ගන්න බෑ....
ඔයා ලගින් ඈත් වෙලා මට ඉන්නට බෑ ....
ආදරයක් ගැන හිතන්න ආයෙත් මට බෑ....
කවදාවත් මට ඔයාව අමතක වෙන්නෑ....
.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸
Video Download
~ Oya Langin ~
Lakshman Hewawitharana
- Sinhala Lyrics, Mp3, Video -
¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸
ආයෙමත් ආදරෙන් ...
මගේ ජීවිතේ..
ආයෙමත් තනිවෙලා..
මගේ හුස්ම හොරු අරන් ගිහිල්ලද කියල..
කොහොම හිතන්නද මන්ද..
මේ තනිකම උහුලන්න හරි අමාරුයි...
වෙලාවකට ආදරේ පිස්සුවක් වගේ...
ඒත්.. ඒත්.. මං ඔයාට කොච්චර ආදරේ කළාද ?
තාමත්.. තාමත් මං ඔයාට ගොඩාක් ආදරෙයි....
පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් ...
දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුනා...
නුහුරු නුපුරුදු හීන අරං
ළඟට ඇවිදින් තුරුළු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් ...
මිරිඟුවක හිස තියලා නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ තනිකමත් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා....
¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸
Video Download
~ Ayemath Adaren ~
Athma Liyanage
- Sinhala Lyrics, Mp3, Video -
¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸
Friday, March 22, 2013
හිත දුර හන්දා ... ( Hitha Dura Handa... )
හිත දුර හන්දා නෙතු ලග හංගා
සිහින ගණින හින්දා...
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත වින්දා...
අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා...//
ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා
සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිදිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ අලුතෙන් පතනා
හිත දුර හන්දා ...
අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා
හැඩවෙන හිත ලග තනියට ඉන්නේ නුඹමද කියනා
ඉස්සර දවසක තහහම් හීනේ අයෙත් දකීනා ...
හිත දුර හන්දා ...//
ගායනය :- ආත්මා ලියනගේ
පද රචනය :- රාචිත්ර වාකිස්ට
සංගීතය :- තිළිණ රුහුණගේ
¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸
Video Download
~ Hitha Dura Handa ~
Athma Liyanage
- Sinhala Lyrics, Mp3, Video -
¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸
Friday, March 15, 2013
මගේ නොවන මගේ ආදරය ........
ලං වෙන්න බැරි නිසා
දුර ඈත අහසකට ............
පෙම් කලෙමි රහසේම
වසන්කර මගේ දෑස ..........
ඇසුවෙමි නුබේ වදන්
දුර ඈත කොනක සිට
දුටුවෙමි නුබේ රුව
වසාගත් කල දෑස ..........
කිමද දැන් නොඇසෙන්නේ
වදනකුත් පෙර සේම...
අමතකද නුබ ලොවට
පෙම් කරපු සමනළිය ...............
Thursday, March 14, 2013
ඔබ මා නමින්.....
"ඔබ මා නමින්...... ගෙනආ පැතුමි......
බොඳවිගිහින්... මේසිත බිදි..
ඇයි හැරගියේ........... මගෙ ආදරේ..
ලඟනැති ඔබෙපෙම මතකෙට එනවා...
ඔබ යලිඑහි සිතෙනා."
තනි කම හුරු දෙනෙත පුරා,.....
"තනි කම හුරු දෙනෙත පුරා ..
උණු කඳුලැලි රුරාගියා ..
ඔබ නෑ නෙත් මානේ ..
හමුවේවිද ආයේ ......
ඔබ නෑ නෙත් මානේ ..
හමුවේවිද ආයේ ....."
දුක වැඩි තරමට කඳුළු හෙලන්නට...
"දුක වැඩි තරමට කඳුළු හෙලන්නට නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමි නොවනට ඔබ මාගෙන් ඈත් වෙලා
හැඬවෙන නෙතගට තරවටු කෙරුවට කඳුළැල් නෑ නතර වෙලා
හැමදාමත් රිදවන්නට ඔබ ගියෙ ඇයි ඈත් වෙලා ......
වෙනසක් නෑ මගෙ සිහිනේ තාමත් මල් පිබිදෙන්නේ
රැවටුණු මේ හිත මාගේ තනි උණු බව නෑ දන්නේ
මුළු යහන පුරා විඳි සුවඳ පවා නැත දුක විතරක් ඉතිරිවෙලා
කඳුලක් කඳුලක් ගානේ ඔය රුවමයි සිහි වෙන්නේ
මට නොලැබුණු ඔබෙ සෙනෙහේ වෙනකුගේ බව නෑ දැනුනේ
ජීවිතය පුරා පැතු පැතුම් මකා ඔබ දුක විතරක් උරුම කළා...."
Thursday, February 7, 2013
Wednesday, February 6, 2013
Friday, February 1, 2013
෴අනාත මාරුතේ...෴.
අනාත මාරුතේ කුණාටු සාගරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ....
අතීතයට වඩා පැරණි අපේ ආදරේ
අපි දෙදෙනා හැඩූ හැඩුම් දනී සාගරේ
සදා වෙනස් වෙන්න එපා
මැණික මා කෙරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
හිතරිදවන වදන් වලට හඩන්නට එපා
ඇනුම් බැනුම් වලට මගේ තැවෙන
සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ..
අනාත සාගරේ කුණාටු මාරුතේ....
Thursday, January 31, 2013
෴හිත ගාව ගාවලා...෴.
හිත ගාව ගාවලා
මගෙ හීන පාරලා
රහසක්ද මට නොකියා
නුඹ රහසෙ පා කළා...
හිත් අහසෙ රෑ පුරා කටකාරි මත් වෙලා
ඔබෙ ළඟම හදවතේ
මිරිඟුවක් යා කරා....
ආදරේ මන් කියු වේදනා පීරලා
උනුහුමින් හිත් අහසෙ
මන් අතරමන් වෙලා....
කඳුළු කැට බේරනා ආදරේ මෝරලා
අපි තාම අපි නොදැන ආදරෙන් ළංවෙලා...
ජීවිතේ මා සිතින් ආදරේ තෝරලා
ඇස් අස්සෙ වසි වැටුනෙ නුඔ තාම දුරනිසා...
හිතින් මා දන්නවා නුඔත් මට ඉඟි කළා
අපි හිතින් ළංවෙලා
අපිට අපි නොදැනුනා....
හිත ගාව....
෴ඉකි ගසා හඩ...෴.
ඉකි ගසා හඩන අතීතයක
කදුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා
හීනේන හීනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරි කලුවරේම යලි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තිබුනා
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුම පිරි මදිනා
උහුලනු බැරිතැන උනු කදුළුම වගුරුවනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තිබුනා.....
෴නුඹ ළඟ නැතිදා ...෴.
හිත රිදවනා සුසුමක් වගේ .....
නෙත හඬවනා කඳුලක් දිගේ ....//
හැබැහින් නැතත් හීනෙන් වගේ .....
ඇයි දැයි කියන්නකෝ මා හැර ගියේ ....
නුඹ ළඟ නැතිදා ....////
හිත දුවනවා හැමතැන මගේ ....
නෙත පිරෙනවා සුවදින් ඔබේ ....//
බැලු බැලු අතේ නුබෙ රුව වගේ ....
ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ ....
නුඹ ළඟ නැතිදා ....////
හිත දවනවා මතකය ඔබේ .....
දින ගෙවෙනවා හීනෙන් වගේ ....//
දවසක ඇවිත් ළගටම මගේ ......
මොහාතක් හිදින්නකෝ ඉස්සර වගේ .....
෴නුඹ...෴.
සැනෙකින් නුඹේ මුවගට හසරැල් නැග එයි
ඒ සැනෙකින්ම නැගි හසරැල් මැකී යයි..
සැනෙකින් නුඹේ දෙනයන කඳුලින් බොඳවෙයි
එලෙසම නෙතග කඳුලැලි වියළිලා යයි
ආදර හැගුම් නුඹ හද රැඳුනෙත් එලෙසයි
එහි අවසනට සැනෙකින් පැමිණියෙත් නුඹයි
පමා වෙලා මා මුව හසරැල් නැගුනා
බොහෝ කලක් ඒ හසරැල් මුව රැඳුනා
පමා වෙලා මා නෙත කඳුළින් තෙමුනා
ඒ කඳුළැල් සැමදා නෙත ලග රැඳුනා
පමා වෙලා ආදර හැඟුමන් දැනුනා
බිඳෙන් බිඳ සෙනේහෙන් එය එකතු කළා
සැනෙකින් පැමිණි නුඹ සැනෙකින් යන්න ගියා
පමා වෙලා මට ආපසු යන්න කියා....
෴සද රේණු වෑහෙනා.... ෴
සද රේණු වෑහෙනා මේ සීත රාත්රියේ
ඔබ ඉන්න මාගේ ළගින්..
හද පිරුණු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්...
පියවි ලොවේ කිසිදා එක් වන්නෙ නෑ
එනමුදු මගේ හදින් වෙන් වෙන්නෙ නෑ..
දෙතැන තනිවී සදා හෙළන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ළගින්...
සද රේණු වෑහෙනා...
තිබුණත් හදේ පැතුමන් ඉටු වන්නෙදෝ
ඔබ ගැන පැතූ සිතින් වැළපෙන්නදෝ...
කදුළු හසරැල් මවා මසිත ළතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ළගින්...
සද රේණු වෑහෙනා... //
෴තනිකම හුරු දෙනෙත... ෴
තනිකම හුරු දෙනෙත පුරා උණු කදුලැලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ .....
තනිකම හුරු දෙනෙත පුරා උණු කදුලැලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ .....
සිතු පැතුමක කදුළු තියා මට නොකියම ඉවත ගියා
හිමි දුක පිසදමමි කියා සමනළියක් තුරුළු වුනා
මහදේ ගලනා මේ දුක තාම ඔබ දන්නෙ නෑ
මේ දුක තාම ඔබ දන්නෙ නෑ....
තනිකම හුරු දෙනෙත පුරා උණු කදුලැලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ .....
තනිවුනු දුක මගෙම වෙලා දින එක එක ගෙවිල ගියා
ඔබ ආවත් සිනහ වෙලා මගෙ හිත සනසන්න කියා
මහදේ ගලනා මේ දුක තාම ඔබ දන්නෙ නෑ
මේ දුක තාම ඔබ දන්නෙ නෑ ......
තනිකම හුරු දෙනෙත පුරා උණු කදුලැලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ .....
Wednesday, January 30, 2013
෴මගේ හිත...෴
හුදකලාව තනි වන්නට
නොපැතූ මගේ හිත ....................
ගොර බීරම් මහා පොලොව මත
හුදකලාව,
තනි වෙලා....................
මගෙ දුවේ....
තාරුකා වෙලාව ඇවිත් සුදු දුවේ
මම යන්න ඕන ඈතට සීතල හිමේ
ළං වෙලා මුහුණ සිප ගත්තට මගෙ දුවේ
අවදිවෙන්නෙපා සඳේ කදුළු වලට නුඹ තෙමේ...
යාය පුරා දූවිලි පාවාඩය එළනා
ගොවි ගෙදරින් බාල ළමෝ අකුරට වඩනා
ඒ සුන්දර මුහුණු අතර නුඹේ මුහුණ දකිනා
කෝං ගහේ පාමුළ තක්සලාව මැවෙනා .....
රන් කුරුලූ වචන ගේ පුරාම නෑ රැව් දෙන්නේ
ගන කළුවරේම සඳ තුරුලේ නුඹ නිදියන්නේ
මට පියාපතක් තිබුණා නම් කුරුල්ලෙකුට වගේ
වන වංකගිරිය මගහැරලා පියඹා එමි දුවේ ......
පාරාදීසයේ ආදරයේ
පාරාදීසයේ ආදරයේරන්
කිරුළ හිමි කුමරා
ඒ කුමරු හිමි කුමරී
රොන් සුණු සළා වසත් සමයේ
සිහින මාවත සිතිජයේ හමුවෙලා
ආදරේ රන් හුයෙන් දෑඟලි පැටළිලා
සිනිදු සුදු මුදු යහන පෙම්බර
නුරාඇස් පුබුදයි
ළංව ඉන්නට හොඳ වෙලාවයි
ඇවිද එන්නට හොඳ වෙලාවයි
ජීවිතේ මේ සුපෙම්බර මොහොතයි
පැතුම් වැස්සට තෙමී
ආදරේ උනුහුම සොයා
සුවහසක් නෙතු අතර හමුවුණ
සංසාර මතකය ඔබ තමා
සංසාර ප්රේ මය ඔබතමා
හමුවෙලා මේ වසත් කාලය පුබුදලා
ආදරේ උනුහුම සොයා
සුවහසක් නෙතු අතර හමුවුණ
සංසාර මතකය ඔබ තමා
සංසාර ප්රේ මය ඔබතමා
හමුවෙලා මේ වසත් කාලය පුබුදලා
Subscribe to:
Posts (Atom)