Saturday, May 4, 2013

ආදරෙ තරම් කියාගන්න බැරි වු නිසා


ආදරෙ තරම් කියාගන්න බැරි වු නිසා
ජිවිතෙ පැතුම් රහසෙම වියැලි ගියා...
රහසෙම කව්දො ඉක්මන් වෙලා 
හඩවාලා මගෙ දැස ඔබ ගෙන ගියා...

දැන උන්න නම් ආදරෙ ඔබ යන්නෙ නෑ මා දමා...


දහසක් පැතුම් මහදේ සිර කොට තබා
මා පෙම් කළේ සිතින් සුසුමන් දරා....
මා තුරුලේ ඔබ උන්නා හීනෙන් පවා
ඇයි ඉන්නෙ හොර රහසේ මා රිදවලා......

දැන උන්න නම් ආදරෙ ඔබ යන්නෙ නෑ මා දමා...


දෙනුවන් අගට රහසෙ කදුලැල් උනා
ඔබ ගැනම රෑ තිස්සෙ සිහිපත් කලා...
මා පෙම්කල බව තාම නොදනියි ඔයා
අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා...



No comments:

Post a Comment