Saturday, March 23, 2013

ආයෙමත් ආදරෙන් ...




මගේ ජීවිතේ..
ආයෙමත් තනිවෙලා..
මගේ හුස්ම හොරු අරන් ගිහිල්ලද කියල..
කොහොම හිතන්නද මන්ද..
මේ තනිකම උහුලන්න හරි අමාරුයි...
වෙලාවකට ආදරේ පිස්සුවක් වගේ...
ඒත්.. ඒත්.. මං ඔයාට කොච්චර ආදරේ කළාද ?
තාමත්.. තාමත් මං ඔයාට ගොඩාක් ආදරෙයි....

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් ...

දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුනා...

නුහුරු නුපුරුදු හීන අරං
ළඟට ඇවිදින් තුරුළු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් ...

මිරිඟුවක හිස තියලා නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ තනිකමත් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා....




























¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸
Video Download
~ Ayemath Adaren ~
Athma Liyanage
- Sinhala Lyrics, Mp3, Video -
¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸

No comments:

Post a Comment