රෝස සුවඳ පිටුවක ආදරේ නොලිව්වත්
තාමත් පණ වගේ නුඹට ආදරෙයි මමත්
නෙතින් ගලා බොඳවී යන සුවඳ කදුලකත්
මම දකින්නේ ඔබේ රුවයි මට උරුම නැතත්
නිදි නැති රෑ ඉගි කරනා හීන මල් පැතුම්
මගේ ලොවට අරන් ආවේ දුක් කදුලු සුසුම්
සුවඳ පිරුනු ආදරයේ මතක පෙමි කුසුම්
හෙටත් ඔබට කියාදේවී ආදරේ උතුම්
රෝස සුවඳ......
ආදරයේ හීන වලට හුරුවු දෑසයි
ඒ දෑසට කදුලු දුන්නේ ඔබේ ඔය නෙතයි
දුකක් වුනත් මං පතන්නෙ ඔබෙම සෙනෙහසයි
මංහිතන්නෙ ඔබ තාමත් මගේම විතරයි....
රෝස සුවඳ......
No comments:
Post a Comment