තාරුකා වෙලාව ඇවිත් සුදු දුවේ
මම යන්න ඕන ඈතට සීතල හිමේ
ළං වෙලා මුහුණ සිප ගත්තට මගෙ දුවේ
අවදිවෙන්නෙපා සඳේ කදුළු වලට නුඹ තෙමේ...
යාය පුරා දූවිලි පාවාඩය එළනා
ගොවි ගෙදරින් බාල ළමෝ අකුරට වඩනා
ඒ සුන්දර මුහුණු අතර නුඹේ මුහුණ දකිනා
කෝං ගහේ පාමුළ තක්සලාව මැවෙනා .....
රන් කුරුලූ වචන ගේ පුරාම නෑ රැව් දෙන්නේ
ගන කළුවරේම සඳ තුරුලේ නුඹ නිදියන්නේ
මට පියාපතක් තිබුණා නම් කුරුල්ලෙකුට වගේ
වන වංකගිරිය මගහැරලා පියඹා එමි දුවේ ......
No comments:
Post a Comment