ම්ස් කෝල් එකක් තරමටවත් මා නොවටින බව දැනුනා
හිස් කොලයක් ගෙන එහි පිරෙනා තුරු ඔෙබි නම එහි ලිවිවා
මගෙ දෑස පුරා ඔබ සෙවිව කතා බොරු බව මට හුගුනා
ඔබ යන්න ගියත් මට දුක නෑ
එක පාරක් මුණගැහිලා //
මා ඔබට දුන්නු ඒ රතු කුඩයේ ඇතුලේ තුරුලූ වෙලා
අද ඔබ යනවා වෙනකෙකු බදා මා වැස්සේ තනි කරලා
කවුරුත් දන්නෑ මම දුකෙන් කියා මම රහසින් දුක් වින්දා
තවමත් මට ඔබ ගැන සිහිවීලා
නින්දෙන් ඇහැරෙනවා //
තරුවක් වීලා ඔබ දිලිසෙනවා ඒ එළියට මා මැකුනා
අහසට නැගලා ඔබ ඉගිලෙනවා මා පොඩියට බිම හිටියා
කවදාහරි අත්තටු කැඩිලා යලි මා ලගටම එනවා
ආවත් ඔබ යලි සිනාවෙලා
මා ඈතය දුව යනවා //
No comments:
Post a Comment