හමුවෙනා නෙත් දහක් අතරින්
නෙතේ ඇඳි රුව හදම කලඹන
පහන් වු සිත් රටා මවමින්
නුඹ සිතුවමක්මය හිතම සරසන
දහක් සිතිවිලි හදට කැන්දා
නුඹේ සිතුවම හද හොරාගෙන
පැතුම් පිරි නිල් නුවන් අග හිද
නුඹේ හද මම සොයමි හැම දින
තාල විරහිත පද පෙලක් ලඟ
නුඹේ සෙනෙහස කෑගසා අද
වැටකඩුළු බැඳි මුලා වු සිත
මටත් නොදැනිම නතර වි අද
හමුවන්න මේ ලෙසින් සසරක
පෙම්වතුන් වි දෙඅත් බැඳගෙන
පින් කෙරු තරමටත් වැඩියෙන්
නුඹ මගේ වි ඇත මටත් රහසේම....
No comments:
Post a Comment