Sunday, February 9, 2014

පෙරදා වාගෙම ඇවිත් මා ළඟින් ඉඳන්

පෙරදා වාගෙම ඇවිත් මා ළඟින් ඉඳන්
කොඳුරා ආයෙම මට ආදරේ කියන්
නොනිදා පහන්ව මුළු රැය ගෙවිලා ගිහින්
හඬනා නෙතු ළඟ නුඹත් තවමත් සිනාසෙමින්

සසලව තැවෙනා මගෙ හිත නිසල වෙන්නට
ඔය නෙතු අග මා සදා සතපන්නට
මගේ හද විඳිනා මේ දුක පවසන්නට
වරම් නැතිද ඔබ හා එක්වී සැනහෙන්නට

නො එන බව දැනී සැලුනා පෙම් හිත මගේ
ඉන්නෙමි බලා සසරේ ඔබ එනතුරා
මගේ හද විඳිනා මේ දුක පවසන්නට
වරම් නැතිද ඔබ හා එක්වී සැනහෙන්නට.

No comments:

Post a Comment