Sunday, February 9, 2014

පෙරදා වාගෙම ඇවිත් මා ළඟින් ඉඳන්

පෙරදා වාගෙම ඇවිත් මා ළඟින් ඉඳන්
කොඳුරා ආයෙම මට ආදරේ කියන්
නොනිදා පහන්ව මුළු රැය ගෙවිලා ගිහින්
හඬනා නෙතු ළඟ නුඹත් තවමත් සිනාසෙමින්

සසලව තැවෙනා මගෙ හිත නිසල වෙන්නට
ඔය නෙතු අග මා සදා සතපන්නට
මගේ හද විඳිනා මේ දුක පවසන්නට
වරම් නැතිද ඔබ හා එක්වී සැනහෙන්නට

නො එන බව දැනී සැලුනා පෙම් හිත මගේ
ඉන්නෙමි බලා සසරේ ඔබ එනතුරා
මගේ හද විඳිනා මේ දුක පවසන්නට
වරම් නැතිද ඔබ හා එක්වී සැනහෙන්නට.

ම්ස් කෝල් එකක් තරමටවත් මා නොවටින බව දැනුනා

ම්ස් කෝල් එකක් තරමටවත් මා නොවටින බව දැනුනා
හිස් කොලයක් ගෙන එහි පිරෙනා තුරු ඔෙබි නම එහි ලිවිවා
මගෙ දෑස පුරා ඔබ සෙවිව කතා බොරු බව මට හුගුනා
ඔබ යන්න ගියත් මට දුක නෑ
එක පාරක් මුණගැහිලා //

මා ඔබට දුන්නු ඒ රතු කුඩයේ ඇතුලේ තුරුලූ වෙලා
අද ඔබ යනවා වෙනකෙකු බදා මා වැස්සේ තනි කරලා
කවුරුත් දන්නෑ මම දුකෙන් කියා මම රහසින් දුක් වින්දා
තවමත් මට ඔබ ගැන සිහිවීලා
නින්දෙන් ඇහැරෙනවා //

තරුවක් වීලා ඔබ දිලිසෙනවා ඒ එළියට මා මැකුනා
අහසට නැගලා ඔබ ඉගිලෙනවා මා පොඩියට බිම හිටියා
කවදාහරි අත්තටු කැඩිලා යලි මා ලගටම එනවා
ආවත් ඔබ යලි සිනාවෙලා
මා ඈතය දුව යනවා //

ආදරය එලෙසමයි හැමදාමත්ම හදවතින්ම.........

ජිවිතයේ සොදුරු හොරාවක මුන ගැසුනද අප
මිතු දමින් වෙලි කාලය ගත කලද අප
පෙම්වතුන් ලෙස ගෙවුනු අවදිය සොදුරු මතකයන් 
පොදි බැදුනු කල්පයකි මට...
සතුට ලෙසම දුකද දරාගෙන කදුලු වැල් ගැන නොතකන
ජිවිතය ඔබ හා බැදගනිමට පෙරුම් පිරුව අප අද
ඔබෙන් වෙන් වි වෙන අයකගෙ වුන
අරුමය මටද අදහා ගත නොහැකිය...
වරද කගෙද ඔබට සෙම මටද පැනයකි අද
සමා වෙනු මැන මට
ආදරය එලෙසමයි
හැමදාමත්ම හදවතින්ම..............................

හමුවෙනා නෙත් දහක් අතරින්

හමුවෙනා නෙත් දහක් අතරින්
නෙතේ ඇඳි රුව හදම කලඹන
පහන් වු සිත් රටා මවමින්
නුඹ සිතුවමක්මය හිතම සරසන

දහක් සිතිවිලි හදට කැන්දා
නුඹේ සිතුවම හද හොරාගෙන
පැතුම් පිරි නිල් නුවන් අග හිද
නුඹේ හද මම සොයමි හැම දින

තාල විරහිත පද පෙලක් ලඟ
නුඹේ සෙනෙහස කෑගසා අද
වැටකඩුළු බැඳි මුලා වු සිත
මටත් නොදැනිම නතර වි අද

හමුවන්න මේ ලෙසින් සසරක
පෙම්වතුන් වි දෙඅත් බැඳගෙන
පින් කෙරු තරමටත් වැඩියෙන්
නුඹ මගේ වි ඇත මටත් රහසේම....

මට ඔයාට දෙන්න පුලුවන් එකම දෙ

මට ඔයාට දෙන්න පුලුවන් එකම දෙ
මගෙ ආදරෙ විතරයි...
ආදරෙ ලොබ නැතුව දෙන්න හදපු
හැම වෙලවකම
ඔයා මගෙන් තවත් ඇත් වුනා...
මට ඔයාව ඔනෙ
එත් මට ඔයාව ලැබෙන්නෑ...
එ දැන දැනත් මං ඔයාට 
ආදරෙ කරන්නෙ මගෙ 
ජිවිතෙට ඔයාව ඔන නිසා වෙන්න ඇති..