Thursday, January 31, 2013

෴හිත ගාව ගාවලා...෴.


හිත ගාව ගාවලා
මගෙ හීන පාරලා
රහසක්ද මට නොකියා 
නුඹ රහසෙ පා කළා...
හිත් අහසෙ රෑ පුරා කටකාරි මත් වෙලා
ඔබෙ ළඟම හදවතේ
මිරිඟුවක් යා කරා....


ආදරේ මන් කියු වේදනා පීරලා
උනුහුමින් හිත් අහසෙ
මන් අතරමන් වෙලා....
කඳුළු කැට බේරනා ආදරේ මෝරලා
අපි තාම අපි නොදැන ආදරෙන් ළංවෙලා...

ජීවිතේ මා සිතින් ආදරේ තෝරලා
ඇස් අස්සෙ  වසි වැටුනෙ නුඔ තාම දුරනිසා...
හිතින් මා දන්නවා නුඔත් මට ඉඟි කළා
අපි හිතින් ළංවෙලා
අපිට අපි නොදැනුනා....

හිත ගාව....








෴ඉකි ගසා හඩ...෴.


ඉකි ගසා හඩන අතීතයක
කදුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා

හීනේන හීනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරි කලුවරේම යලි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තිබුනා

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුම පිරි මදිනා
උහුලනු බැරිතැන උනු කදුළුම වගුරුවනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා
මගේම ආදරයක් තිබුනා.....

෴නුඹ ළඟ නැතිදා ...෴.


හිත රිදවනා සුසුමක් වගේ .....
නෙත හඬවනා කඳුලක් දිගේ ....//
හැබැහින් නැතත් හීනෙන් වගේ .....
ඇයි දැයි කියන්නකෝ මා හැර ගියේ ....
නුඹ ළඟ නැතිදා ....////

හිත දුවනවා හැමතැන මගේ ....
නෙත පිරෙනවා සුවදින් ඔබේ ....//
බැලු බැලු අතේ නුබෙ රුව වගේ ....
ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ ....

නුඹ ළඟ නැතිදා ....////

හිත දවනවා මතකය ඔබේ .....
දින ගෙවෙනවා හීනෙන් වගේ ....//
දවසක ඇවිත් ළගටම මගේ ......
මොහාතක් හිදින්නකෝ ඉස්සර ව‍ගේ .....



෴නුඹ...෴.


සැනෙකින් නුඹේ මුවගට හසරැල් නැග එයි
ඒ සැනෙකින්ම නැගි හසරැල් මැකී යයි..
සැනෙකින් නුඹේ දෙනයන කඳුලින් බොඳවෙයි
එලෙසම නෙතග කඳුලැලි වියළිලා යයි
ආදර හැගුම් නුඹ හද රැඳුනෙත් එලෙසයි
එහි අවසනට සැනෙකින් පැමිණියෙත් නුඹයි

පමා වෙලා මා මුව හසරැල් නැගුනා
බොහෝ කලක් ඒ හසරැල් මුව රැඳුනා
පමා වෙලා මා නෙත කඳුළින් තෙමුනා
ඒ කඳුළැල් සැමදා නෙත ලග රැඳුනා
පමා වෙලා ආදර හැඟුමන් දැනුනා
බිඳෙන් බිඳ සෙනේහෙන් එය එකතු කළා

සැනෙකින් පැමිණි නුඹ සැනෙකින් යන්න ගියා
පමා වෙලා මට ආපසු යන්න කියා....


෴සද රේණු වෑහෙනා.... ෴




සද රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළගින්..
හද පිරුණු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්...

පියවි ලොවේ කිසිදා එක් වන්නෙ නෑ
එනමුදු මගේ හදින් වෙන් වෙන්නෙ නෑ..
දෙතැන තනිවී සදා හෙළන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ළගින්...

සද රේණු වෑහෙනා...

තිබුණත් හදේ පැතුමන් ඉටු වන්නෙදෝ
ඔබ ගැන පැතූ සිතින් වැළපෙන්නදෝ...
කදුළු හසරැල් මවා මසිත ළතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ළගින්...
සද රේණු වෑහෙනා... //


෴තනිකම හුරු දෙනෙත... ෴


තනිකම හුරු දෙනෙත පුරා උණු කදුලැලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ .....
තනිකම හුරු දෙනෙත පුරා උණු කදුලැලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ .....

සිතු පැතුමක කදුළු තියා මට නොකියම ඉවත ගියා
හිමි දුක පිසදමමි කියා සමනළියක් තුරුළු වුනා
මහදේ ගලනා මේ දුක තාම ඔබ දන්නෙ නෑ
මේ දුක තාම ඔබ දන්නෙ නෑ....

තනිකම හුරු දෙනෙත පුරා උණු කදුලැලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ .....

තනිවුනු දුක මගෙම වෙලා දින එක එක ගෙවිල ගියා
ඔබ ආවත් සිනහ වෙලා මගෙ හිත සනසන්න කියා
මහදේ ගලනා මේ දුක තාම ඔබ දන්නෙ නෑ
මේ දුක තාම ඔබ දන්නෙ නෑ ......

තනිකම හුරු දෙනෙත පුරා උණු කදුලැලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ හමුවේවිද ආයේ .....

Wednesday, January 30, 2013

෴මගේ හිත...෴


හුදකලාව තනි වන්නට
නොපැතූ මගේ හිත ....................
ගොර බීරම් මහා පොලොව මත
හුදකලාව,
තනි වෙලා....................

මගෙ දුවේ....


තාරුකා වෙලාව ඇවිත් සුදු දුවේ
මම යන්න ඕන ඈතට සීතල හිමේ
ළං වෙලා මුහුණ සිප ගත්තට මගෙ දුවේ
අවදිවෙන්නෙපා සඳේ කදුළු වලට නුඹ තෙමේ...



යාය පුරා දූවිලි පාවාඩය එළනා
ගොවි ගෙදරින් බාල ළමෝ අකුරට වඩනා
ඒ සුන්දර මුහුණු අතර නුඹේ මුහුණ දකිනා
කෝං ගහේ පාමුළ තක්සලාව මැවෙනා .....



රන් කුරුලූ වචන ගේ පුරාම නෑ රැව් දෙන්නේ
ගන කළුවරේම සඳ තුරුලේ නුඹ නිදියන්නේ
මට පියාපතක් තිබුණා නම් කුරුල්ලෙකුට වගේ
වන වංකගිරිය මගහැරලා පියඹා එමි දුවේ ......

පාරාදීසයේ ආදරයේ











පාරාදීසයේ ආදරයේරන් 
 
කිරුළ හිමි කුමරා 
 
ඒ කුමරු හිමි කුමරී
 
රොන් සුණු සළා වසත් සමයේ
 
 සිහින මාවත සිතිජයේ හමුවෙලා
 
ආදරේ රන් හුයෙන් දෑඟලි පැටළිලා





පිච්චමල් සුවඳයි

සිනිදු සුදු මුදු යහන පෙම්බර


නුරාඇස් පුබුදයි
ළංව ඉන්නට හොඳ වෙලාවයි
ඇවිද එන්නට හොඳ වෙලාවයි
ජීවිතේ මේ සුපෙම්බර මොහොතයි




පැතුම් වැස්සට තෙමී
ආදරේ උනුහුම සොයා
සුවහසක් නෙතු අතර හමුවුණ 
සංසාර මතකය ඔබ තමා
සංසාර ප්‍රේ මය ඔබතමා
හමුවෙලා මේ වසත් කාලය පුබුදලා