එක් දිනෙක,නොහඳුනන ඔබ
නෙත ගැටුණා මතකයි තාමත්
දැණුනා සුපුරුදු ලෙන්ගතු බවක්
සතුටු ඉහුරුණු මුව මඬළින්........
කතා කරන නෙත් සඟලින්
දැණුනා ඔබ බොහෝ තුටින් වඟ
උන්නා ඔබ ළඟින්ම සෙනෙහසින් පිරුණ රුවක්..හිතැත්තියක්....නොදැනීම විහඟ විලාසයෙන් ගෙවුණි කාළය...
නැවතත් හමුවිය ඔබ මා...
ඒ පෙර සේ නොව
මැළවුණු මුහුනින්...
වියළුණු දෙතොලින්....
බොර වූ දෑසින්...
බොහෝ දේ පවසයි මට
ඇත තාමත් පෙර දුටු රුව
මොහොතක් පාසා සිත තුල සැරිසැරූ රුව...
දුටු වෙලෙහි දැණුනු සතුට
ඔබ දකී අද මා වුවෙහි.......
නවතින්නට සිතෙයි ඔය සිත තුළ
සුපෙම් සුවඳක් වී...
නවතින්නට සිතෙයි ඔය මුව මඬලෙහි
සිනා රැල්ලක් වී...
රැඳෙන්නට සිතෙයි ඔය නෙතෙහි
සතුටු කඳුළක් වී....
ඇත්තටම සිතෙයි කරනට පෙම් බොහෝ සේ...........
ඔබේ පෙම්වතිය වී..........
එහෙත් මා ගොලු වී ඇත
ඔය දොඩමළු දෙනෙත අභියස..........
හිතන්නට බොහෝ දේ ඇත්තත්...
ලියන්නට බොහෝ දේ ඇතත්...
මේ තරම් හිත රිදුනු දවසක්...
තවත් නම් නැති තරම්....
ඇස් වලින් කදුලු බිදු බිමට නොවැටුනත්...
වැටෙන්නට අර අදින...
කදුලු බිංදුවක් හිත අස්සට වෙලා....
විදියි ජීවිතයේ දුෂ්කර බව....
ගෙවූ දුක්බර කාලයක්....
ඔබ ගැන සිතා විඩාබරවූ සිතක්....
තවත් පෙරමං බලයි...
දකින්නට ඔය රුව බිදක්...
නිහඬ අරණ
දළු මල් පුබුදයි ....
ආදරයේ සුන්දර
සක්මන් ....
හඬන ඇසට
හසරැල් පළඳයි....
ආදරයේ නිම් නැති
අභිමන් ...!
සයුරෙහි දිය කඳ
මත හිඳ ....
අහසින් එන වැහි බිඳුවට
පෙරුම් පුරන්නම් ....
දැල්වෙන ඉර හඳ යට හිද
පහණෙන් එන එළි තිතකට ....
ඇළුම් කරන්නම් ....
ඔබ තරුවක් සේ
ජීවිතයට පායා ඒ නම් ... !
නිල් කඳු හිස ජය ගත් දින
දෙව් ලොව දුර ඈතක බව
වටහා ගන්නම් ....
විල් දිය ඇහැරෙන
කොද මල
රතු ඇස් ඇති
හිරු මඩළින්
සඟවා ගන්නම් ....
ඔබ කවියක් සේ
ජීවිතයම පහදා දේ නම් .... !
මගේ හීනයේ ලග ඉන්නට
ඔබ තවමත් නෑතිවාදෝ
සිත් මානයේ දෑවටෙන්නට
මගේ උනුහුම මදි වීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්...
එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට..
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට...
හරගිය දිනේ ආවත් මා ගම් දොරට.....
ආවේ ඇයිද විරහින් සිත අද්දරට....,,,,,,,,